රුසියාව තව දුරටත් යුක්ක්‍රේන දේශසීමාව තුළ සිය හමුදා බලය තහවුරු කරමින් සිටිනවා.
බොහෝ විට යුක්ක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියාවේ සැලැස්මක් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය මාස කිහිපය පුරාම වාර්තා කරමින් සිටින්නේ.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැය දෙකක දුරකථන සංවාදයක් පවා පැවැත්වුණා.
නමුත් එහිදී සාකච්ඡා වූ කරුණු නිශ්චිතව සඳහන් කෙරුණේ නැහැ.
විශේෂයෙන් රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ නේටෝ රටවල් සමඟ ඇති සම්බන්ධය යුක්ක්‍රේනය නතර කළ යුතු බවයි.
නේටෝ රාජ්‍යයන් සමඟ යුක්ක්‍රේන හිතවත්කම් දිනක රුසියාවට අහිතකර ලෙස බලපාන බව රුසියානු ජනාධිපතිවරයාගේ මතයයි.
මේ අතර ඊයේ යුරෝපීය නායකයින් රුසියාවට අවවාදාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
යුක්ක්‍රේන දේශසීමාවෙන් රුසියානු හමුදාව ඉවත්කර ගන්නේ නැත්නම් ගෙවන්න සිදුවන මිල ඉතා ඉහළ බවයි. රුසියාවට අනතුරු අඟවමින් යුරෝපීය නායකයින් පවසා ඇත්තේ.



