මාවනැල්ල බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධ නඩුව ඊයේ කෑගල්ල මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා.
එහිදී සියලු විත්තිකරුවන් 16 දෙනාට අධි චෝදනා කියවා දෙනු ලැබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පොලිස් විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව ද යොදවා තිබෙනවා.
වික්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කරන ලද අතර අධි චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ද ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගමගේ මහතාගේ සභාපතීත්වයෙන්යුත් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළ නියෝගය ඉදිරි දිනයක දී ප්රකාශයට පත් කිරීමටයි නියෝග කළේ.
අදාළ නඩුව ලබන වසරේ පෙබරවාරි මස 23 වනදා කැදවීමට නියමිතයි.



