ඔසාකා ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක ගින්නක්

Share

ජපානයේ, ඔසාකා නගරයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් 27 දෙනෙක් මියගොස් ඇතැයි එරට බලධාරීන් පවසයි.

ගින්න ට හසුව මියගිය සියලුදෙනා එම ගොඩනැගිල්ලේ සිව්වැනි මහලේ ස්ථාපනය කර තිබු වෛද්‍ය සායනයකට පැමිණ සිටි අය බව බලධාරීන් පැවසීය.

මෙය තට්ටු අටක ගොඩනැගිල්ලක්. එහි සිව්වන මහලෙහි ගින්න හටගත් බව ගිනි නිවන හමුදාව ප්‍රකාශ කරනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 70 ක් පමණ කැඳවා තිබෙනවා.

හදිස්සි ඇමතුම ලැබී විනාඩි 30ක් පමණ කාලයක් තුළ ගින්න නිවා දැමූ බව ගිනි නිවන හමුදාව පවසනවා.

වාර්තාව – කපිල බණ්ඩාර ජපානයේ සිට

Read more

Local News