උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (18) යෙදී තිබේ.
බෞද්ධ ඉතිහාසයට අනුව උඳුවප් පුර පසළොස්වක පෙහොය දිනය ශ්රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.
දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්රී මහ බෝධියේ දකුණු ශාඛාව මෙරට වැඩම කර ඇත්තේ ද අද වැනි පෙහොය දිනකය. මෙරට මෙහෙණි සස්න ආරම්භවීම ද උඳුවප් පොහොය දිනයේ සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.



