මැලේසියාවේ මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එරට ප්‍රදේශ ගණනාවකට දැඩි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඊයේ දහවල් වනවිට ක්ව්ලාලම්පුර් අගනුවර ආසන්නයේ ප්‍රදේශ 7ක පුද්ගලයන් 21000 ක් පමණ නිවාසවලින් ඉවත් කිරීමට අපදා අංශ කටයුතු කර තිබෙනවා.
මහාමාර්ග හා දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
වසර ගණනකට පසු මැලේසියාවට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ.



