ප්‍රධාන වංචා රැසකට සම්බන්ධ පුද්ගලයින් තවමත් නිදැල්ලේ සිටිය දී රංජන් රාමනායක මහතා සිරගත කර සිටීම කණගාටුවට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට කරුණු 09ක් ඉදිරිපත් කර ඇති බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
ඒ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.