මැඩගස්කරයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ගමන් ගත් හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි – මුහුදේ පැය 12ක් පීනා ජීවිතය බේරා ගනී

Share

ගලවාගැනීමේ මෙහෙයුමක් අතරතුරේ දී මැඩගස්කරයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ගමන් ගත් හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටී තිබෙනවා.

අමාත්‍යවරයා පැය 12ක් පමණ පිහිනා ආරක්ෂිතව ගොඩට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සමඟ හෙලිකොප්ටරයේ ගමන් ගත් තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද අනතුරින් දිවි ගලවාගෙන තිබෙනවා.

ඊයේ මැඩගස්කරයේ නීති විරෝධී ලෙස මගීන් රැගෙන ගිය යාත්‍රාවක් පෙරළී අනතුරක් සිදු වුණා.

එහි සෝදිසි මෙහෙයුම් අතරතුරදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

යාත්‍රාව පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 39 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News