යුක්‍රේන – රුසියා දේශ සීමා අර්බුදය තවත් දරුණු අතට

Share

යුක්‍රේන – රුසියා දේශ සීමා අර්බුදය තවත් දරුණු අතට හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ මිත්‍රශීලි පියවරයන් කරා යාමට තමන්ට අයිතියක් ඇති බවයි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානමක් පවතින බවට සැක පළ වීමත් සමඟ විවිධ පාර්ශව රුසියාවට අනතුරු ඇඟවූවා.

එහි දී අමෙරිකා එක්සත් ජනපදය, නේටෝ සංවිධානය, යුරෝපය දිගින් දිගටම රුසියානු ජනාධිපතිවරයාට බලපෑම් කර සිටියා.

කෙසේ වෙතත් රුසියාව හමුදා භට පිරිස් දේශසීමාව තුළ දැඩි කරමින් සිටිනවා.

රුසියාව යුක්‍රේනය කෙරෙහි ආක්‍රමණය දැඩි කළහොත් වහාම ක්‍රියාත්මක වීමට අමෙරිකාව සහ යුරෝපා රටවල් සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News