ෆයිසර් සමාගම නිෂ්පාදනය කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර ඖෂධ පෙත්තට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබා දී තිබෙනවා.
Paxlovid (පැක්ස්ලොවිඩ්) ලෙස නම් කර ඇති මෙම ඖෂධ පෙත්ත සායනික පරීක්ෂණවල දී වැඩි ආරක්ෂාවක් ලබා දෙන බවට තහවුරු වී තිබුණා.
ඒ අනුව වයස අවුරුදු 12ට වැඩි ඉහළ අවධානම් සහිත පුද්ගලයින්ට මෙම ඖෂධය අනුමත කර තිබෙනවා.
එක්සත් ජනපදය මේ වන විටත් අමෙරිකානු ඩොලර් බිලියන 5ක ගනුදෙනුවකින් ඖෂධයේ තොග මිලියන 10ක් මිල දී ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ලබන වසරේ ගෝලීය වශයෙන් මෙම ඖෂධ තොග මිලියන 80ක් නිෂ්පාදනය කිරීමට නියමිත බවයි ෆයිසර් සමාගම පවසන්නේ.



