මර්ක් ආයතනය නිෂ්පාදනය කළ කොවිඩ් මුඛ ඖෂධයට අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අවසර ලබා දී තිබෙනවා.
ඒ මොල්නුපිරවිර් (Molnupiravir) සඳහායි.
ඒ අනුව මොල්නුපිරවිර් (Molnupiravir) වයස අවුරුදු 18ට වැඩි කොවිඩ් රෝගීන්ට ලබා දීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.
රෝග ලක්ෂණ ආරම්භ වී දින 05කට අඩු කාලයක් තුළ මෙම ඖෂධය ලබා දිය යුතුයි.
එවිට රෝහල් ගත වීමේ අවශ්‍යතාවය 30%කින් අඩුවන බවයි මර්ක් ආයතනය පවසන්නේ.



