දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය (24) වනදා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටියා.
තම ගැටළු සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා සමඟ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සාකච්ඡාවක් පැවැත්වූවත් එම සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.
එම නිසා දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාර ගැනීම නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුවන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලිඛිතව තම විසඳුම් ලබා දෙන බව කීවද තවමත් නිසි විසඳුම් නැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
දිනකට රුපියල් මිලියන 05ක පමණ පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.



