කැනරි දූපත්හි ලා පැල්මා ගිනිකන්ද පුපුරාගොස් අවසන්

Share

කැනරි දූපත්හි ලා පැල්මා ගිනිකන්ද පුපුරාගොස් අවසන් බව නිල වශයෙන් කැනරි දූපතේ බලධාරීන් නිවේදනය කර තිබෙනවා.

ලා පැල්මා සක්‍රිය වීම ආරම්භ වූයේ සැප්තැම්බර් මාසයේදීයි.

දින 10ක් කිසිඳු ලාවා ගැලීමක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

ගිනිකන්ද නිරීක්ෂණය කර තහවුරු කිරීමෙන් පසුවයි බලධාරීන් මේ බව නිවේදනය කර ඇත්තේ.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් ගිනිකන්දේ පුපුරා යාමේ අවසානය හැඳින්වූයේ ලැබුණු හොඳම නත්තල් තෑග්ග ලෙසිනුයි.

නමුත් කැනරින් ගිනිකන්ද හදිසි කමිටුවේ නියෝජිතයෙකු අනතුරු අඟවා ඇත්තේ එම දූපතේ සිදු වූ විනාශයත් සමඟ ලා පැල්මාහි හදිසි තත්ත්වය තවමත් අවසන් වී නොමැති බවයි.

Read more

Local News