ගෑස් පිපිරීම්වලින් හානි සිදු වූ අයට වන්දි ලබා දීමට ගත හැකි සෑම පියවරක් ම ගන්නවා – රාජ්‍ය ඇමති ලසන්ත කියයි

Share

ගෑස් හිඟය මදිවට දැන් වෙළෙන්දෝ වැඩි මිලට ගෑස් අලෙවි කරන්නත් පටන් අරගෙන කියල පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ගෑස් පිපිරීම් තවමත් නතර වෙලා නැහැ.

ප්‍රමිතියෙන් තොර ගෑස්වලට කළ යුතු දේ සහ පිපිරීම් නිසා සිදු වූ හානිවලට වන්දි ලබා දීම පිලිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ ප්‍රකාශ කළා.

ඒ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සංයුතිය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර රටපුරා වෙළඳසැල් වෙත බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා.

නමුත් ප්‍රදේශ කිහිපයක ම ගෑස් හිඟයක් වාර්තා වෙනවා. ඒ සීමිත ගෑස් සිලින්ඩර සංඛ්‍යාවක් වෙළදපොලට නිකුත් වීම හේතුවෙනුයි.

මාස දෙකකට ආසන්න කාලයක් එක දිගට ගෑස් සිලින්ඩර පුපුරන්න ගත්තා.

දැන් ජනතාවට ආයෙත් ගෑස් ගන්නත් පෝලිම්වල ඉන්න සිදු වෙලා.

Read more

Local News