මියන්මාර් හමුදාව සිවිල් වැසියන් 35 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක් වූ අය අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බවයි වාර්තා වන්නේ.
පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති බවද වාර්තා වනවා.
ඇති වූ ගැටුම්වල දී පළා යමින් සිටි සිවිල් වැසියන්ට වෙඩි තබා වාහන පුළුස්සා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



