ඊසාන දිග බ්‍රසීලයේ සති ගණනක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් 280කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.
ගංවතුර තත්ත්වය නගර 40 කට ආසන්න ප්‍රමාණයකට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට 35000කට අධික පිරිසක් නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත් කළ බව ද බලධාරීන් පවසනවා.



