ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ අඩුවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි දිනවලදී (මාර්තු මස 20 වන දින සිට) පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවේ යැයි බලාපොරොත්තු වන බවයි.

දිවයිනේ උතුරු පළාත හැර අනෙකුත් බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

Exit mobile version