සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල නගර ආශ්රිත සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ ආරම්භ වුණා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ පැවති උත්සවයට අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූ අග්‍රාමාත්‍යතුමා, ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින්, එහි සමරු පලකය නිරාවරණය කළා.
මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තුගත විදයම අමෙරිකානු ඩොලර් මිලියන 28 ක්.



