කාබනික දියර පොහොර භාවිතයට අකමැති නම් විනාශ කරන්න එපා යළි භාර දෙන්න – පොහොර ලේකම් කාර්යාලය කියයි

Share

රටේ ගොවි ජනතාව තවත් රසායනික පොහොර ඉල්ලා අරගල කරමින් සිටිනවා.

සමහර ගොවීන් කාබනික වගාවට යොමුව ඇත්තේ ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වන බව පවසමින්.

නමුත් රජය ලබාදුන් දියර පොහොර යොදා වගා කල ඇතැම් ගොවීන් පෙන්වා දෙන්නේ සිය අස්වනු විනාශ වී ඇති බවයි.

මේ අතර රජය ලබාදුන් දියර පොහොර භාවිත කිරීමට අකමැති නම් ඒවා විනාශ කරන්නේ නැතිව යළි භාර දෙන ලෙස පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා ඉල්ලා සිටිනවා.

Read more

Local News