Home විදෙස් පුවත් එවරස්ට් කඳු මුදුනේ ඇති කසළ ගුවනින් ඉවත් කරිමේ වැඩසටහනක්

එවරස්ට් කඳු මුදුනේ ඇති කසළ ගුවනින් ඉවත් කරිමේ වැඩසටහනක්

0
එවරස්ට් කඳු මුදුනේ ඇති කසළ ගුවනින් ඉවත් කරිමේ වැඩසටහනක්

සංචාරකයන් සහ කඳු නඟින්නන් විසින් ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳු මුදුනේ දමා ගොස් ඇති කසළ ටොන් 100කට අධික ප්‍රමාණයක් ගුවනින් ඉවත් කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය වසරේ දී කඳු නඟින්නන් 40,000ක් ඇතුළුව ලක්ෂයකට අධික පිරිසක් එවරස්ට් කඳුකරයේ සංචාරය කර තිබෙන අතර, ඔවුන් විසින් එහි විවිධ උස ප්‍රමාණයන්හි දමා ආ බීර බෝතල් සහ ටින්, ආහාර බඳුන්, කඳු නඟින උපකරණ සහ ඔක්සිජන් ටැංකි එක්රැස් කිරීමට නේපාල සාම්ප්‍රදායික කඳු නඟින්නන් වන ෂර්පාවරුන් කටයුතු කර ඇත.

එහෙත් දැන් ඒ සඳහා සාගර් මාතා පරිසර දූෂණ පාලන වැඩසටහන නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති අතර, නේපාලවාසීන් එවරස්ට් කඳුකරය හඳුන්වන්නේ සාගර් මාතා නමිනි.

පිරිසිදු කිරීමේ වැඩසටහනේ පළමු දිනය වූ පෙරේදා (17) කිලෝග්‍රෑම් 1,200ක් බරැති අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා කත්මන්ඩු අගනුවරට රැගෙනවිත් තිබෙන බව ද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here