අමෙරිකානු පුරවැසියන්ට රට තුළට පැමිණීමට ගමන් බලපත්ර කල් ඉකුත් වී තිබුණ ද අවසර ලබා දීමට එරට රාජ්ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ කොවිඩ් වසංගතයත් සමඟ විදෙස්ගතවූවන්ගේ විවිධ තහංචි සහ ගුවන් ගමන් ඇණහිටීම නිසා සමහර අමෙරිකානුවන්ට විවිධ රටවල වසරකට වැඩි කාලයක් රැදී සිටීමට සිදුව තිබෙනවා.
මෙහි දී 2020 වසරේ ජනවාරිවලට පසු කල් ඉකුත් වූ ගමන් බලපත්ර හිමියන්ට පමණක් යළි සිය රටට පැමිණීමට අවස්ථාව ලබා දෙන බවයි රාජ්ය දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙහි දී ද ලබන වසරේ මාර්තු 31 ට පෙර යළි අමෙරිකාව බලා යා යුතුව තිබෙනවා.



