මහජන විරෝධතා හමුවේ සූඩාන අගමැතිවරයා ඉල්ලා අස් වේ

Share

මහජන විරෝධතා හමුවේ සූඩාන අගමැතිවරයා ඉල්ලා අස් වී තිබෙනවා.

හමුදා පාලකයින් සමඟ එකඟතාවකින් ඔහු යළි බලය ලබාගෙන සති දෙකක්වත් ගත වූයේ නැහැ.

එහෙත් අගමැතිවරයාට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවති අතර උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වූයේ සූඩානය තුළ සිවිල් දේශපාලන නීතිය මුලුමණින්ම ස්ථාපිත කල යුතු බවටයි.

ඒ අනුවයි දිගින් දිගටම එල්ලවන මහජන විරෝධයත් සමග තනතුරින් ඉල්ලා අස්වීමට සූඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් තීරණය කර ඇත්තේ.

Read more

Local News