රුසියාවේ මොස්කව් නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බස් රථය දුම්රිය පාලම් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මිය ගිය අය අතර බස් රථයේ රියදුරු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



