අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ නිවාස සංකීර්ණයක ගින්නක් – පුද්ගලයින් 13ක් ජීවිතක්ෂයට

Share

අමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා නගරයේ මහල් තුනකින් සමන්විත නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මිය ගිය අය අතර කුඩා ළමුන් 08 දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ පුද්ගලයින් 26 දෙනෙකු එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.

ගින්න පාලනය කිරීමට පැයක පමණ කාලයක් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News