කසකස්ථානයේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට රට පුරා විරෝධතා උග්‍ර වෙමින් පවතිනවා.
විරෝධතාකරුවන් මේ වන විට එරට විශාලතම නගරය වන අල්මාටි හි`ගුවන්තොටුපළට ද හානි සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රටපුරා පනවනවා තිබූ හදිස්සි තත්වය තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
පවතින නොසන්සුන් භාවය හමුවේ ඊයේ දින කසකස්තානයේ රජය ඉල්ලා අස්වී තිබෙනවා. එම ඉල්ලා අස්වීම එරට ජනාධිපතිවරයා භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ තත්ත්වයන් හමුවේ කසකස්ථානය රුසියාවෙන් සහය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයා පවසා ඇත්තේ රට නැවතත් ස්ථාවර කිරීමට රුසියාවේ සහය තමාට අවශ්‍ය බවයි.
රුසියානු නායකත්වයෙන් යුත් හමුදා භට පිරිස් මේ වන විටත් විරෝධතා පවතින නගරය පුරා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



