ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දුම්රිය මැදිරි 12ක් පීලි පැනීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් තවත් 45 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බව බෙංගාල රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.