ජොකොවික්ගේ වීසා යළි අත්හිටුවයි

Share

ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා නැවතත් අත්හිටුවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නොවැක් ජොකොවික් හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවුරුදු 3ක තහනමක් පැනවීමට ද කටයුතු කළ හැකි බව ද එරට ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් මීට දින කීපයකට පෙර ඔස්ට්‍රේලියානු රැදවුම් භාරයේ සිටීමට සිඳු වුණා. ඒ ඔහුට කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන්.

Read more

Local News