සුනාමි ව්‍යසනයෙන් බලපෑම් එල්ල වූ ටොන්ගා රාජ්‍යය වෙත පළමු ආධාර තොග රැගත් ගුවන් යානා හා යාත්‍රා පිටත් වී තිබෙනවා.
ඒ, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන්.
එම රටවල් විසින් යොමුකරන ලද මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ අතරට ක්ෂණික ආහාර, ඖෂධ මෙන්ම ළදරු උපකරණද ඇතුළත්.
ගිනිකඳු පිපිරීමත් සමග ඇති වු අළු හේතුවෙන් ටොංගා රාජ්‍යයේ ප්‍රධාන ගුවන්තොටුපොළ කටයුතුවලට බාධා එල්ල වී තිබු අතර ගුවන් පථය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ආධාර රැගත් ගුවන් යානා එරටට පිටත්ව ගොස් ඇත්තේ.
පසුගිය සෙනසුරාදා දිනයේ පැසිෆික් සාගර පතුලේ සිදුවූ ගිණිකදු පිපිරීමත් සමඟ ඇති වූ සුනාමියෙන් ටොංගා රාජ්‍යයට දැඩි බලපෑම් එල්ල වුණා.



