ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් වන BA.1 ආසාදිතවූවන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ඒ අනුව එම ආසාදිතයින් කොළඹ, වැල්ලම්පිටිය, බොරලැස්ගමුව, අවිස්සාවේල්ල, හෝමාගම, කටුගොඩ, මඩපාත, පාදුක්ක, පරකුඩාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා.
ඔමික්‍රොන්හි තවත් අනු ප්‍රභේදයක් වන BA.2 ආසාදිතවූවන්ද ප්‍රදේශ රැසකින්ම වාර්තා වී තිබෙනවා.
ඒ, කොළඹ, කොළොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අවිස්සාවේල්ල, ගාල්ල, බදුල්ල යන ප්‍රදේශවලින්.
මෙරටින් වාර්තා වන එම BA.2 නම් අනු ප්‍රභේදය එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් සැලකිය යුතු මට්ටමේ කාණ්ඩයට ඇතුළත් කළ අනු ප්‍රභේදයක්වීම ද විශේෂත්වයක්.



