දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වය තවදුරටත්

Share

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උදෑසන කාලයේ දී තරමක සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා .

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Read more

Local News