කැමරූන් ක්‍රීඩාංගනයේ අරගලයෙන් 8ක් ජීවිතක්ෂයට

Share

කැමරූන් හි පැවති අප්‍රිකානු ජාතීන්ගේ කුසලාන තරගයක පිටත ඇති වූ ගැටුමකින් 8 දෙනෙකු මිය ගොස් ඇති අතර 35 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Yaounde අගනුවර අසල්වැසි ප්‍රදේශයක පිහිටි paul biya ක්‍රීඩාංගනයට ප්‍රවේශ වීමට පාපන්දු ලෝලීන් අරගල කරන අයුරු සමාජ මාධ්‍ය හරහා දැකගත හැකිය.

ක්‍රීඩාංගණයේ ධාරිතාව 60,000ක් නමුත් කොවිඩ් සීමා කිරීම් හේතුවෙන් එය 80% කට සීමා කිරීමට බලධාරීන් කටයුතු යොදා තිබුණි.

කෙසේ වෙතත් අප්‍රිකානු පාපන්දු සම්මේලනය, CAF නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දැනට තත්වය විමර්ශනය කරමින් සිදු වූ දේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.

Read more

Local News