සටන් විරාමයකට සූදානම් වන රුසියාව සහ යුක්රේනය

Share

ලෝකයේ එක් රටක දරුවන් කන්න නැතිව මිය යද්දී මව්පියන් වකුගඩු අලෙවි කරද්දී තවත් රටවල් බලය සඳහා යුධ වදින්න සූදානම් වනවා.

මේ රුසියාවට, අමෙරිකාවට, නේටෝවට මැදි වූ යුක්රේනයේ වත්මන් තත්ත්වයයි.

කුමන මොහොතක හෝ රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරමින් සිටිනවා.

යුක්රේනයට මායිම්ව පිහිටි රොස්කොව් කලාපයේ රුසියානු හමුදා සිය පුහුණු අභ්‍යාසය ද පවත්වන බව චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ තහවුරු වී තිබෙනවා.

එසේම යුධ ටැංකි ඇතුළු තවත් භට පිරිස් යුක්රේන දේශසීමාව වට කරමින් සිටින බවයි ඇමරිකාව ඇතුළු නේටෝ රටවල් පවසන්නේ.

යම් හෙයකින් යුක්රේනය ආක්‍රමණයක් කළහොත් රුසියාවට සම්බාධක පනවන බව ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා.

ඒ සමගම පැනනගින ප්‍රධානතම ප්‍රශ්නය වනුයේ ඉන්ධන අර්බුදයයි.

යම් හෙයකින් රුසියාවට සම්බාධක පැනවු හොත් සමස්ත යුරෝපයටම ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට සිදුවනවා.

මන්ද ලෝකයේ ප්‍රධානතම ඉන්ධන නිෂ්පාදනය හා බෙදා හරින රට රුසියාවයි.

ඉන්ධන අර්බුදයක් ඇති වුවත් ඊට මුහුණදීම සඳහා ජෝ බයිඩ්න් දැනටමත් අනෙකුත් රටවල් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

යුක්රේන අර්බුදය විසඳීමට නම් නේටෝ රටවල යුක්රේනය තුළ ක්‍රියාත්මක වීම වහාම නතර කළ යුතු බවයි දිගින් දිගටම රුසියාව පවසන්නේ.

නේටෝවට රටවල් 30ක් අයිතියි. යුක්රේනය නෙටෝවට අයිති රටක් නෙවෙයි.

නමුත් යුක්රේනය නේටෝවට එක්වීමට කළ ඉල්ලීම සහ නේටෝ රටවල් යුක්රේන තුළ ක්‍රියාත්මක වීම හේතුකොටගෙනයි රුසියාව සිය බලය තහවුරු කිරීම ආරම්භ කළේ.

කෙසේ නමුත් මේ වන විටත් යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. ඒ ස්ථිර සටන් විරාමයක් සදහායි.

Read more

Local News