මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 373 ඉක්මවා ගොස් තිබෙනවා.
කොවිඩ් අවදානම හමුවේ වුවත්, බීජිං ශීත ඔලිම්පික් උළෙල ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි.
කෙසේ වෙතත් මේ වන විටත් ජෛව බුබුළ තුළින් කොවිඩ් ආසාදිතයින් 34 ක් හමු වූ බවයි වාර්තා වන්නේ.
තරග සඳහා සහභාගී වන කොවිඩ් වෛරසය ආසාදනය වූ ඕනෑම අයෙකු හුදකලා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නමුත් අදාළ නිරෝධායන කාල සීමාවෙන් පසු පැය 24ක් තුළ කොවිඩ් ඍණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල දෙකක් ලැබීමෙන් පමණක් තරග කිරීමට අවසර දෙන බව ද වාර්තා වනවා.



