සිය දිවි නසාගත් රූ රැජිණ

Share

2019 වසරේ දී අමෙරිකානු රූ රැජිණ වූ චෙස්ලි ක්‍රිස්ට් සිය දිවි නසා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇයගේ මරණය සම්බන්ධයෙන් නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ එය දිවි නසාගැනීමක් බවයි.

ක්‍රිස්ට් සිය දේපල මවට පවරමින් ලිපියක් ලියා තබා දිවිනසාගෙන ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

”අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරයි.

Read more

Local News