26කට මරු කැදවූ විදුලි රැහැන

Share

කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා නගරයේ විදුලි රැහැනක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙළෙඳපොළක සිටි පුද්ගලයින් පිරිසක් මතට එම විදුලි රැහැන කඩා වැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News