බජාජ් සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රාහුල් බජාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඉන්දියාවේ පූනේහි දී 12 වනදා පස්වරුවේ ඔහු මියයන විට ඔහු 83 හැවිරිදි වියේ පසු වුණා.
ඔහු කලක සිට රෝගාතුරව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බජාජ් ඔටෝ ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන අතර ලොව තුන්වන විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා ද වනවා.
රාහුල් බජාජ් මහතාගේ අභාවය පිළිබඳ ඉන්දියාවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු විශාල පිරිසක් ශෝක පණිවිඩ නිකුත් කර තිබුණා.




