ඉන්දියාවේ වසරකට අකුණු සැර වැදීමෙන් ජීවීත 2500 කට අධික සංඛ්‍යාවක් අහිමි වෙයි

Share

පසුගිය මාර්තු මාසයේ දී ඉන්දියාවේ අගනුවර වන දිල්ලි අසල උප නගරයක් වන ගුර්ගොන් හි වැඩ කරන උද්‍යාන සේවකයින් හතර දෙනෙක් වර්ෂාව අතරතුර ගසක් යට නවාතැන් ගත්හ.

මිනිත්තු කිහිපයකින් අකුණු සැර එම ස්ථානයට පතිත වන්නට විය. සාමානයෙන් අකුණු සැර වෝල්ට් මිලියන 300ක් සහ ඇම්පියර් 30,000ක් පමණ වෙනවා. කෙසේ නමුත් උද්‍යාන සේවකයින් හතර දෙනා අකුණු සැර හේතුවෙන් බිම වැටෙන්නට විය. ඔවුන්ගෙන් එක් අයෙක් මිය ගිය අතර අනෙක් අය පිළිස්සුම් තුවාල සහිතව දිවි ගලවා ගත්හ.

ඉන්දියාවේ සෑම වසරක ම අකුණු සැර වැදීමෙන් ජීවීත අහිමි වන ප්‍රමාණය 2500 කට අධික සංඛ්‍යාවක් වේ. දත්තවලට අනුව 1967 සිට 2019 දක්වා කාලය තුළ අකුණු සැර වැදීමෙන් 100,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. දිවි ගලවා ගත් අයට විවිධ දුර්වලතා සහ මතක ශක්තිය නැතිවීම වැනි රෝග ලක්ෂණ සමඟ ජීවත් වීමට සිදු විය හැකිය.

ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු අනතුරු ඇඟවීම් ආරම්භ කළේ මීට වසර තුනකට පෙරයි. එහිදී ගුවන්විදුලිය, රුපවාහිනිය සහ ස්වෙච්ඡා සේවකියින් හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන අතර අකුණු අනතුරු සහිත ගම්මානවල ප්‍රජාව දැනුවත් කිරීමට සහ මරණ අවම කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරයි.

2020 අප්‍රේල් සහ 2021 මාර්තු අතර කාලය තුළ ඉන්දියාව මිලියන 18 කට අධික අකුණු පහරවල් වාර්තා කර ඇත. මෙය පෙර වසරේ සාමාන්‍ය කාලයකට වඩා 34% ක් වැඩිවීමකි.

ගොවිපලවල වැඩ කරන පිරිමින් බොහෝ සෙයින් වඩාත් අකුණු අවධානමට ලක් වේ.

බටහිර බෙංගාලයේ පාසල් ගුරුවරියක් ප්‍රකාශ කලේ ‘මී හරක් ගෙනියන්න කුණාටුවකට ගියාම අවුරුදු හතක පිරිමි දරුවෙක් මැරුණා. දැන් අපි අකුණු වෙලාවට පුළුවන් සෑම විටම ගෙදර ඉන්න උත්සහ කරනවා’ යනුවෙනි.

මෙම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ඉන්දීය රජය විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත. එසේම ග්‍රාමීය ජනතාවට ලාභ ගෘහස්ථ අකුණු සන්නායක නිර්මාණය කිරීම සඳහා ගම්වැසියන් දැනුවත් කිරීම සිදු කර ඇත. එමගින් අකුණු අනතුරු අවම කිරීමට හැකි වී ඇත.

මෙම අකුණු සන්නායක නිර්මාණය කිරීම සඳහා ජනතාව උපයෝගී කරගෙන ඇත්තේ, පාවිච්චි කරන ලඳ බයිසිකල් රෝද, රිම්, උණ බම්බු සහ ලෝහමය වයර් ය. උණ බම්බුව උස අඩි 30ක් පමණ උසට සවි කරනු ලබයි. එහි මුදුනේ බයිසිකල් රිම් එක රදවනු ලබයි. මෙවැනි ගෘහස්ත ව නිර්මාණය කරන ලඳ අකුණු සන්නායක ප්‍රජා මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය පාසල්වල සවිකර ඇත.

2022 වන විට වසරකට අකුණු මරණ සංඛ්‍යාව 1200ට වඩා අඩු කිරීමට ඉන්දියාව අපේක්ෂා කරයි. දැනුවත් කිරීමේ කඳවුරු පවත්වමින් දුර බැහැර ගම්මානවල මිනිසුන්ට ගෘහස්ථව සිටින ලෙසත්, කුණාටුවලදී එළිමහනට දිව යාමෙන් වළකින ලෙසත්, ගස් යටට එකතු නොවන ලෙසත්, විදුලි රැහැන් හා යකඩ වැටවලින් ඈත්වන ලෙසත් අවවාද ලබා දී ඇත.

Read more

Local News