ඇෆ්ගනිස්තානයේ ළිඳකට වැටුණු දරුවා මිය යයි

Share

දින හතරක් ඇෆ්ගනිස්තානයේ ළිඳක සිරවී සිටි පිරිමි දරුවා මියගොස් ඇත.

හයිඩර් නමැති මෙම දරුවා බේරා ගැනීමට පැය විසිහතර පුරා ම ක්‍රියා කිරීමෙන් පසු එම දරුවා පිටතට ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇත.

එහෙත් බ්‍රහස්පතින්දා සිට ළිදෙන් කිසිදු ශබ්ධයක් පිට නොවූ බව සහන කණ්ඩායම් වාර්තා කර තිබුණි.

ගලවා ගැනීමේ කණ්ඩායම් දරුවා වෙත ළඟා වීමට පොළොව තුළට අගලක් හාරා ඇත. ඔහුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් කාබුල්හි රෝහලකට රැගෙන යාමට නියමිතව තිබුණි.

ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් වූ පසු පළමු මිනිත්තු කිහිපය තුළ ඔහු හුස්ම ගනිමින් සිටි අතර වෛද්‍ය කණ්ඩායම් ඔහුට ඔක්සිජන් ලබා දුන්නේය.

කෙසේ වෙතත් වෛද්‍ය කණ්ඩායම ඔහු හෙලිකොප්ටරයට ගෙන යාමට උත්සාහ කළ විට ඔහුගේ ජීවිතය අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News