බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බකිංහැම් මාලිගය නිවේදනය කර ඇත්තේ මහ රැජිනට සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බවයි.
රැජින, පසුගිය සතියේ කොරෝනා වෛරසය ආසාදනය වී සිටි චාල්ස් කුමරු හමුවී ඇති අතර, ඔහුගෙන් මහ රැජිනට වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
බ්‍රිතාන්‍යයේ මහ රැජින 95 වැනි වියේ පසුවනවා.



