අප්‍රිකාවේ කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් නයිජිරියානු හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් ළමුන් 07 දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
දරුවන් පිරිස ක්‍රීඩා කරමින් සිටින ස්ථානයකටයි අදාළ ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
මේ සම්බන්දයෙන් නයිජිරියානු ආරක්ෂක හමුදාව සිය කණගාටුව පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්දයෙන් විදිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නයිජිරියානු බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



