අද විදුලි කප්පාදුව සිදු කරන ආකාරය

Share

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (23) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය හතරහමාරක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

A, B සහ C කලාපවලට පැය හතරකුත් විනාඩි 40ක කාලයක් අද විදුලිය කප්පාදු කෙරෙන අතර සෙසු කලාප සඳහා පැය හතරකුත් විනාඩි 30 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ.

අද උදෑසන 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B,C කාණ්ඩ තුනෙහි උදෑසන කාලයේ පැය දෙකකුත් රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 40කුත් විදුලිය කප්පාදු කෙරෙනවා.

ඉතිරි කාණ්ඩ සඳහා උදේ 8.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය හතරහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර එයත් උදෑසන කාලයේ පැය දෙකක් හා රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 30 ක් ලෙස කොටස් දෙකකට විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Read more

Local News