සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක්

Share

අද උදෑසන ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසයි.

මෙම භූ කම්පන තත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.

Read more

Local News