තුන්වන ලෝක යුද්ධයකට පාර කපා ඇති යුක්රේන රුසියා අර්බුදය සමතයකට පත් කිරීම සඳහා වන සාකච්ඡා ඊයේ ආරම්භ වුණා.
සාම සාකච්ඡා ලෙස නම් කර තිබූ මෙම හමුව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරියේ දී යළි හමුවීමට බලාපොරොත්තුවෙන් යුතුවයි දෙපාර්ශවයේ නියෝජිතයින් සාකච්ඡා මේසයෙන් පිටව ගොස් ඇත්තේ.
මෙම සාකච්ඡාව අතරතුරත් රුසියාව යුක්රේනයට ප්රභල ප්රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ.
මේ අතර රුසියාවට ලෝකයේ ප්රබල රටවල් විවිධ සම්බාධක පනවමින් සිටිනවා.



