රුසියාව හා යුක්‍රේනය කරට කර සටනක

Share

ලොව යුද ශක්තිය අතින් තවමත් අංක එකේ සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයයි.

අමෙරිකාව සතු ගුවන් ශක්තිය ලොව අන් කිසිදු රටකට නැහැ.

අමෙරිකාව සතු සන්නද්ධ රථ ප්‍රමාණය අවම වශයෙන් 39,000කට වඩා වැඩී.

රුසියාව ලොව දෙවැනි යුද ශක්තිය ඇති රටයි.

රුසියාව සතු විශේෂත්වය වනුයේ සන්නද්ධ රථ බලඇණියයි. එම සංඛ්‍යව 80,000කට මදක් අඩු බවයි වාර්තා වන්නේ.

එවන් ශක්තියක් ඇති රුසියාව යුක්‍රේනයට ඇතුලු වී අදට දින 8ක් ගත වනවා.

ලොව දෙවැනි යුද බලවතා සමඟ තාමත් සටන් කරන්නට යුක්‍රේනුවන් සමත්ව තිබෙනවා.

යුක්‍රේනයට මෙතෙක් නේටෝ සහය ලැබී නැහැ. විශේෂයෙන් නේටෝ හමුදා යුක්‍රේනයට යවන්නේ නැහැ කියලා නේටෝ මහලේකම් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ඔහු පවසා ඇත්තේ නේටෝ රටවල්වල ආරක්ෂාවට අමෙරිකාවට අයත් යුද ප්‍රහාරක යානා පැය 24 පුරාම සුදානම් බවයි.

Read more

Local News