දෙසතියක් පැවති යුද්ධයට විරාමයක් තබමින් සටන් විරාමයක් සඳහා යුක්‍රේන රුසියානු බලධාරීන් ඊයේ (09) එකඟතාවයකට පැමිණ ඇත.
යුද්ධයෙන් වැඩි බලපෑම් එල්ල වූ කියුව්, මරියුපොල් වැනි නගර සඳහා මේ පැය 12ක සටන් විරාමය නම් කෙරුනේ සිවිල් වැසියන් අර්කෂිතව ඉවත් කිරීම සඳහාය.
රටවල් දෙක අතර පැවති යුදමය වාතාවරණය නිසා සිවිල් වැසියන් 1300ක් පමණ මියගොස් ඇතැයි යුක්‍රේන වාර්තා පවසයි.
යුක්‍රේනයේ මරියුපොල් හි මාතෘ හා ළමා රෝහලකට රුසියානු ප්‍රහාරයක් ඊයේ එල්ල වුණා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සටන් විරාමය මධ්‍යයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



