වැඩිවන ජීවන වියදම හමුවේ නවසීලන්ත ජනතාවට රජයෙන් සහන

Share

නවසීලන්තයේ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් එරට පීඩා විඳින ජනතාවට සහන සැලසීමට එරට මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇත.

ඒ අනුව ඉන්ධන නිෂ්පාදන බදු හා මාර්ග ගාස්තු පහත හෙළීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.

ඉදිරි මාස තුන සඳහා ඉන්ධන නිෂ්පාදන බදු ලීටරයකට නවසීලන්ත ඩොලර් 0.25 බැඟින් අඩු කිරීමට සහ මාර්ග භාවිත ගාස්තුද අඩු කිරීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර සියලුම පොදු ප්‍රවාහන ගාස්තුද අප්‍රේල් 1 වනදා සිට මාස තුනක කාලයක් සඳහා අඩකින් අඩු කිරීමට ද තීරණය කර ඇත.

Read more

Local News