රුසියානු යුක්‍රේන ගැටුම ගෝලීය ආර්ථිකයේ හැඩය වෙනස් කරයි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ගත් ක්‍රියාමාර්ග ඉහළ දමමින් සිටිනවා.

කේව් අගනගරයේ මහල් 16ක නේවාසික ගොඩනැගිල්ලකට ෂෙල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කේව් අගනගරයට පනවා තිබූ ඇදිරිනීතිය යළි දීර්ඝ කිරීමට ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ තීරණය කළා.

මහල් නිවාසයට එල්ල වූ ප්‍රහාරයෙන් 05 දෙනෙකු මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු හමුදා දිගින් දිගටම ඔඩේසා (Odessa) ඊර්පින් (Irpin ) සහ මරියපෝල් (Mariupol) වෙත පහර දෙන බවයි වාර්තා වන්නේ.

මේ එකදු නගරයක්වත් බලය 100% ක් තහවුරු කර ගැනීමට රුසියානු හමුදාවට තවම හැකි වී නැහැ.

විශේෂයෙන් යුක්‍රේන හමුදාවේ ප්‍රතිප්‍රහාරවලට රුසියානු හමුදාවට මුහුණ
දීමට සිදුව තිබෙනවා.

මේ වන විට අසල්වැසි රටවලට පළා ගිය සරණාගතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 30කට වැඩියි.

යුක්රේන රුසියා යුධ ගැටුම සහ ලෝක ආර්ථිකය පිලිබඳ අද ප්‍රථම වතාවට IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම යුධ ගැටුම සමස්ත ලෝකයේම ඉන්ධන සහ ආහාර මිල ඉහළ යාමට හේතු වෙමින් තිබෙන බවයි IMF පෙන්වා දෙන්නේ.

මෙම යුද්ධය තව දුරටත් ඇදී ගියහොත් ගෝලීය ආර්ථිකයේ හැඩය වෙනස්වෙනු ඇතැයි IMF සංවිධානය පවසනවා.

Read more

Local News