රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 28ක්. ලබන සිකුරාදාට මාසයක් ගතවනවා.
තාමත් පේනතෙක් මානයක සාමය හෝ යුධ ගැටුම් තාවකාලිකව නතරවන බවක්වත් දක්නට නැහැ.
රුසියානු හමුදාව යුක්‍රේනයට ඇතුළු වූ වේගය දැන් හොදටම අඩාලයි.
තාමත් රුසියාවට අත්පත් කරගැනීමට හැකි වී ඇත්තේ සැතපුම් 200ක් වැනි ප්‍රමාණයක්. නමුත් යුක්‍රේනයේ සමස්ත භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 603700ක් පමණ වනවා.
මේ වන විට රුසියානු හමුදාවේ ගමන 90%කින් අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.
බොහෝ විට රුසියානු හමුදා ස්ථානගත වී සිටින ස්ථානවල බංකර සහ වලවල් හාරමින් ආරක්ෂාව තහවුරු කර ගනිමින් සිටිනවා.
රුසියානු හමුදාවේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇත්තේ මරියුපෝල් වරාය නගරයයි. මෙහි ලක්ෂ හතර හමාරකට වැඩි පිරිසක් ජීවත් වුණා. නමුත් දැන් නගරය තුළ ඉතිරිව ඇත්තේ ලක්ෂයකටත් අඩු පිරිසක් බවයි වාර්තා වන්නේ.
මේ පිරිසට යළි ආහාර, ඖෂධ සේම විදුලියද නොමැති බවයි වාර්තා වන්නේ. ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ මරියුපෝල් ජනතාව කුසගින්නේ තබා මරා දැමීම රුසියාවේ සැලැස්ම බවයි
ගෙවුණු සතිය තුළ රුසියාවේ පාබල හමුදාව කිසිදු විශාල පහරදීමක් සිදු කර නැහැ. ඒ වෙනුවට ගුවනින් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් විශාල විනාශයක් සිදු කරමින් ඉන්නවා.
කියෙව් අගනගරයට ආසන්නයේ ඇති මර්කරිව් රුසියානු පහර දීම් නිසා පාලුවට ගොස් තිබෙනවා. මෙහි බලය යළි අල්ලා ගැනීමට යුක්‍රේන හමුදාව සමත් වී තිබෙනවා.
මේ අතර පුටින්ට එල්ල කරන ආර්ථික පීඩනය තව තවත් වැඩි කරන්න බටහිර රටවල් සූදානම් වනවා.
G 20 සමුළුවෙන් රුසියාව ඉවත් කළ හැකිද යන්න දැන් අවදානයට ලක් වූ මාතෘකාවක්.
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අද හවස ජපාන පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි. එසේම ඔහු නේටෝ ඇමතීමට ද නියමිතයි.



