රුසියාවේ ඉලක්කය වෙනස්වීමේ ස්වරූපයක්

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 33ක්.

අද වන විට ආක්‍රමණය කරමින් සිටින රුසියාව සේම ආක්‍රමණයට ලක්ව සිටින යුක්‍රේනයෙනුත් යම් සතුටුදායක හඩක් ඇසෙන්නට පටන් අරන්.

අද යළි දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයන් තුර්කියේ දී හමුවනවා.

රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුළු වූ වේගය දැන් මන්දගාමීයි. බැලූ බැල්මට අද වන විට රුසියානු ඉලක්කය වෙනස් වෙමින් තිබෙන ස්වරූපයක් දක්නට පුලුවන්.

මුලින්ම රුසියාවේ ඉලක්කය වූයේ යුක්‍රේනයේ අග නගරය වන kyiv අල්ලා ගැනීමයි.

එහෙත් මේ වන විට රුසියාව උපක්‍රම දෙකක් භාවිත කරමින් ඉන්නවා. එහි පළමු සැලැස්ම කළු මුහුදේ බලය තහවුරු කර ගැනීමයි.

එමගින් යුක්‍රේනයට මුහුදින් ඇති සැපයීම් නතර කිරීමට අපේක්ෂිතයි.

එම උත්සහයෙන් 40% ක් පමණ ජය ගැනීමට රුසියානු නාවික හමුදාවන්ට හැකි වී තිබෙනවා.

දෙවන උත්සාහය යුක්‍රේනය දෙකඩ කිරීම බව දැන් පැහැදිලිව දක්නට පුලුවන්.

විශේෂයෙන් 2014 වසරේ සිට රුසියානු සහය ලබන බෙදුම්වාදී කණ්ඩායම් ඩොන් බාස් කලාපය තුළ ක්‍රියාත්මකයි.

දැනටමත් ලොහාන්ස් සහ ඩොමෙක්ස් ස්වාධීන රාජ්‍ය ලෙස රුසියාව පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඩොන්බාස් කලාපය පාලනය රුසියාව සතුව පවත්වාගෙන යාම වත්මන් අරමුණ ලෙස හදුනාගත හැකියි.

එය උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස බෙදී ගිය ආකාරය මෙන් විය හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ සවස කළ ප්‍රකාශය තුළ ද ඊට යම් නම්‍යශීලී භාවයක් පෙන්නුම් කර තිබෙනවා.

එහිදී සෙලෙන්ස්කි පවසා ඇත්තේ යුක්‍රේන භූමියෙන් රුසියානු හමුදාව සම්පූර්ණයෙන් ම ඉවත් කරන්න බැහැ කියලයි. එසේ කිරීමට ගියහොත් ස්ථිර වශයෙන්ම තුන්වන ලෝක යුද්ධයකට හේතුවක් වන බව සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

මින් ගම්‍ය වනුයේ යුක්‍රේනයේ යම් ප්‍රදේශයක රුසියානු හමුදාවන්ට ස්ථානගත වීමට අවස්ථාව ඇති බවයි.

එසේම සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාවට එක් වීමට යුක්‍රේනයේ යම් ප්‍රදේශයක ජනතාව කැමතිද නැද්ද යන්න දැනගැනීමට ජනම්ත විචාරනයක් පැවැත්විය යුතු බවයි.

එසේම සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියානු හමුදා අල්ලා ගෙන සිටින සමහර ප්‍රද්‍රේශවලින් ඉවත් විය යුතු බවයි.

එසේ ඉවත් වන්නේ නම් තමා ගනුදෙනුවකට සූදානම් බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ සවස දේශනයකදී පවසා තිබෙනවා.

යුක්‍රේන ජනාධිපතිවරයාගේ ඊයේ සවස ප්‍රකාශය තුළ යුද්ධය අවසන් කිරීමේ අවශ්‍යතාව දක්නට ලැබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කළ ප්‍රකාශය කට වැරදීමක් ලෙස සමහර බටහිර මාධ්‍ය හදුන්වා තිබෙනවා.

ඒ පෝලන්ත සංචාරයේදී රුසියානු ජනාධිපතිවරයාව ඉවත් කළ යුතු වූ බව ප්‍රකාශයයි. 

මේ ප්‍රකාශය පිළිබඳව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ද වක්‍රාකාරයෙන් සිය විරෝධය පළ කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මා පුටින් සමග ඉතා කිට්ටු සබඳතාවක් පවත්වාගෙන යනවා. ඔහු සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අපට අවශ්‍ය මේ යුද්ධය නතර කිරීම පමණයි යනුවෙනුයි.

Read more

Local News