ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ විල් ස්මිත් සමාව අයදියි

Share

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන 2022 ඔස්කාර් සම්මාන උළෙලේදී සුපිරි නළු විල් ස්මිත් එහි නිවේදක ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට කම්මුල් පහරක් එල්ල කරනු ලැබුවා.

එලෙස වැරෙන් පහර එල්ල කරන්නේ, නිවේදකයා විල් ස්මිත්ගේ බිරිඳ වන ජඩා ස්මිත්ගේ හිසකෙස් නොමැතිකම උපහාසයට ලක් කරමින් ක්‍රිස් රොක් ආමන්ත්‍රණය කිරීම හේතුවෙන්.

මෙලෙස පහර දීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ නළු විල් ස්මිත්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඔහුගේ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔවුන් පවසා ඇත්තේ.

සංවිධායකයින් පවසන්නේ නිවේදක ක්‍රිස් රොක්ගේ ක්‍රියාව අනුමත නොකරන නමුත් වේදිකාව තුළ ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවයි.

කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් විල් ස්මිත්, ක්‍රිස් රොක්ගෙන් සමාව අයැද ඇති අතර ඔහු සඳහන් කළේ තමාගේ හැසිරීම කිසිසේත් නොගැලපෙන සහ සමාව ලබාදිය නොහැකි තරම් වරදක් බවයි.

මෙම සිදුවීමෙන් සුළු මොහොතකට පසු විල් ස්මිත් ප්‍රථම වරට ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ කිං රිචඩ් චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම වෙනුවෙන්.

Read more

Local News