සාම සාකච්ඡාවට ගිය බිලියනපතිට විෂ ශරීර ගත වීමේ රෝග ලක්ෂණ

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 34ක්. තාමත් මෙම ගැටුම් ස්ථිරව විසදෙන ස්වරූපයක් දක්නට නැහැ. Kyiv අග නගරය වටා විවිධ ප්‍රදේශවල සිටි රුසියානු හමුදාවන්ට ප්‍රති ප්‍රහාර එල්ල කළ බවයි යුක්‍රේනය පවසන්නේ.

විශේෂයෙන් බොහෝ රුසියානු කණ්ඩායම් kyiv වෙතින් පසු බසිමින් සිටිනවා. මෙතෙක් රුසියාව අල්ලා ගනිමින් සිටි Irpin ප්‍රදේශයේ පාලනය යළි අල්ලා ගැනීමට යුක්‍රේන හමුදාව සමත් වූ බවයි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ. ඔහු ඒ බව පැවසුවේ සිය සවස දේශනයට එක් වෙමින්.

රුසියාව සමග සාම සාකච්ඡා බොහෝ විට යළි ආරම්භ කිරීමට නියමිතව  තිබෙනවා. ඒ සති දෙකක පමණ විරාමයකට පසුවයි.

නමුත් රුසියාව සමග පවත්වන කිසිදු සාකච්ඡාවකදී ආහාරයක් හෝ කිසිවක් පානය කරන්න එපා කියල සාම සාකච්ඡාවලට සහභාගී වන අයට යුක්‍රේනය දන්වා තිබෙනවා.

එසේම විවිධ මතුපිට පෘෂ්ඨයන් ස්පර්ශ කිරීමෙන්ද වළකින ලෙසයි යුක්‍රේනය තම අයට දන්වා ඇත්තේ. මීට ආසන්නම හේතුව මීට පෙර සාකච්ඡාවලට එක් වූ චෙල්සි පාපන්දු ක්‍රීඩා සමාජයේ අයිතිකරු වූ විෂ ශරීර ගත වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමයි.

රොමාන් අබ්‍රමොවිච්ට රුසියානු කෝටිපතියෙක්. රොමාන් අබ්‍රමොවිච්ට රුසියානු ජාතිකයෙකු වුවත් දැන් බ්‍රිතාන්‍ය කෝටිපතියෙක්. ඔහු පෙනී සිටියේ යුක්‍රේනය වෙනුවෙනුයි.

මෙම සාකච්ඡාවට සහභාගී වූ කිහිප දෙනෙකු ද විෂ ශරීර ගත වීමේ රෝග ලක්ශණ කිහිපයක් පෙන්නුම් කර තිබෙනවා. ඇස් රතු වීම, සම මතුපිට තුවාල ඇතිවීම ඒ අතර ප්‍රධානයි.

හෙට Istanbul හි දී විශේෂ සාකච්ඡාවක් ආරම්භ වන බව මේ අතර වාර්තා වනවා. වයඹ දිග රිබින් කලාපයේ තෙල් ගබඩාවකට රුසියාව රොකට්  ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම නගරය ලිවී සිට සැතපුම් 100ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. එසේම කර්කිව් හි නියුට්‍රෝන මූලාශ්‍ර න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට ද ශෙල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් එහි හානිය තවමත් අනාවරණය වී නැහැ. මේ අතර යුක්‍රේනයේ ජාතික ටෙලිකොම් ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ සම්පූර්ණ දිනය තුළ ම යුක්‍රේන ටෙලිකොම් බිද වැටී තිබුණු නමුත් යළි යතා තත්ත්වයට පත් කළ බවයි වාර්තා වන්නේ.

සයිබර් ප්‍රහාරය අනිවාර්යෙන් ම රුසියාවෙන් එල්ල වූවක් බව විශ්වාස කෙරෙනවා.

මේ අතර රුසියාවේ මරාගෙන මැරෙන බට කණ්ඩායමක් යුක්‍රේනයට ඇතුල් වී ඇති බව වාර්තා වනවා.

මෙම කණ්ඩායම චර්මිනොල් න්‍යෂ්ටික බලාගාරයේ ඇති රතු වනාන්තර ප්‍රදේශය තුළ ගමන් කරනු දක්නට ලැබුණු බවයි චර්මිනොල්හි කම්කරුවන් පවසා ඇත්තේ.

අද වන විට රුසියාව සතු වූ ආර්ථික බලය තමන් සතු කර ගැනීමේ ඍජු සටනක අමෙරිකාව යෙදී සිටිනවා. විවිධ සම්භාධක ඒ අතර ප්‍රධානයි. 

මේ අවස්ථාවේ චීනය තවමත් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර නැහැ.

Read more

Local News